Logo

MAHIYANGANA RAJA
MAHA VIHARAYA

Mahiyangana, Sri Lanka

Sri Lanka Flag

විහාරය පිළිබඳ

මහියංගනයේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික අවධිය දක්වා දිව යයි. ලේඛන ගත තොරතුරුවලට අනුව ඉපැරණි මහියංගනය පිළිබද පළමු වරට සදහන් වන්නේ දීප වංසයෙහිය. එහි ඒ සදහා යෙදී ඇත්තේ “මහිය පොක්ඛල” යන නමයි. වංසත්ථප්පකාසීනියේ මහියංගනය හදුන්වා ඇත්තේ “මහා නාග වන උයන” යනුවෙන්ය. අද ප්‍රචලිත මහියංගණ යන නාමය දීප වංශයට මද කලකට පසුව රචිත මහා වංශයෙහි දැක්වේ. ඊට අමතරව “මිණිපේ, මිණිබේ(දනව්ව), වේරමිණිබේ, මියුගුණු, බින්තැන්න” යන සිංහල නම්වලින්ද, “මණිභේද, මණිභාග,මණිමේඛල” යන පාළි නම් වලිනුත්, මහායාන ලංකාවතාර සූත්‍ර, රාමායණය ආදී සකුපොත්වල මහියංගනයට ආසන්න ලග්ගල මුල්කරගෙන “ලංකාගිරි, රත්නගිරි, රත්නපර්වත” යන නම් වලිනුත්, එක් එක් යුගවල නගර, උපනගර, ජනපද (දනවු) ‌ලෙස භාවිත මේ පෙදෙසට වැවහර වී ඇත. එහි භූමි ප්‍රමාණය හා කඩඉම් ද වරින් වර වෙනස් වී ඇත. ඇතැම් සිතියම්වල “අලුත්නුවර” යන නාමයෙන්ද මහියංගනය හදුන

්වා ඇත. මහියංගනය පිළිබද තවත් ප්‍රාග් ඓතිහාසික ප්‍රවාද සටහන් වී ඇත්තේ මහාවංශයටත් වඩා ඉපැරණි සමන්තපාසාදිකා විනය අටුවාවේය. පූජාවලිය, හත්ථවනගල්ල විහාර වංශයේද මහියංගනය පිළිබද සදහන්ව ඇත.
ක්‍රි. පූ. 588 දුරුතු මස පුරපසළොස්වක දා බුදුන් වහන්සේ ලංකාද්වීපයේ ගංගා තීරයෙහි වූ මහා නාග වනයෙහි මහියංගන ථූපය පිහිටන ස්ථානයට වැඩම කළ බවත්, මහානාග වනය යොදුන් තුනක් දිග හා යොදුන් එකක් පළල බව මහා වංශයේ සදහන් වේ. බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරන අවස්ථාවේ ලංකාව තුළ යක්ඛ, නාග, දේව, රාක්ෂ යන ගෝත්‍ර හතරකට අයත් ජන කොට්ඨාශයන් ජීවත්ව ඇත. එම ගෝත්‍ර හතරට අයත් ජනයා සිව්හෙළයන් ලෙස අතීතයේ පටන් හදුන්වා ඇත. එයින් “යක්ඛ” යැයි කියනු ලබන ගෝත්‍රය මහියංගනය ප්‍රදේශය මූලික කරගෙන ජීවත්ව ඇත.
තවද මෙම ප්‍රදේශය ඈත අතීතයේ සිට ආර්ථික වශයෙන් ඉතා වැදගත් පුරාණ වෙළද නගරයක් වශයෙන්ද, රට අභ්‍යන්තර පිහිටි සශ්‍රීක භූමි භාගයක් වූ නිසාද, ස්වදේශික ජනයා බහුල වශයෙන් වාසය කළ ප්‍රදේශයක් ලෙසද හදුනා ගත හැක. ඔවුන් අතර දියුණු ශිෂ්ඨාචාරයක් පැවතිය බවද විවිධ ලේඛන අනුව පැහැදිලි වේ. එමෙන්ම මහියංගනය පිහිටි රට සහ රුහුණු රට වෙන් කරන දේශ සීමාවක්ද විය. එළාර රජුගේ බලකොටු 18 න් ප්‍රබලම බල කොටුව වූයේ මහියංගනයයි. දෙවන අග්බෝ රජු විසින් ඉදි කළ මිණිපේ අමුණ ප්‍රදේශයේ කෘෂිකාර්මික දියුණුවේ මූලාරම්භය වූ බව අපට ඓතිහාසික මූලාශ්‍ර අධ්‍යනය කිරීමෙන් හදුනාගත හැක.
මහියංගනය ඈත අතීයේදී පවා ඉතා වැදගත් සිද්ධස්ථානයක් මෙන්ම ආර්ථික වශයෙන්ද ශක්තිමත්ව තිබූ ප්‍රදේශයක් නිසා විවිධ කාල වලදී ලංකාවට එල්ල වූ ආක්‍රමණයන් වලට ඉතා ප්‍රභල වශයෙන් ලක්විය. එයින් 12 වන සියවසේදී දකුණු ඉන්දීය චෝල ආක්‍රමණ එල්ලවීම පිළිබද වංසත්ථප්පකාසිනියේ සදහන් වේ.
අතීතයේ අදින ලද සිතියම් වල පවා මහියංගනය සලකුණු කර ඇති අයුරු දැකගන්නට ඇත. එයට උදාහරණ වශයෙන් ටොලමි විසින් අවස්ථා දෙකක දී අදින ලද ලංකාසිතියමේ මහියංගනය ද ලකුණු කර ඇති බව දක්නට ඇත.
ඒ් අනුව පෙනී යන්නේ මහියංගනය අතීතයේ පටන්ම සෑම අතින්ම ඉතා වැදගත් දියුණු ප්‍රදේශයක් වූ බවයි.

භූගෝලීය පිහිටීම

Read as full page
භූගෝලීය පිහිටීම

ශ්‍රී ලංකාවේ ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රීක්කයේ පිහිටා ඇති මහියංගනය මුහුදු මට්ටමේ සිට අඩි 180 ක් පමණ උසින් පිහිටා ඇත. බදුල්ල දිස්ත්‍රීක්කයට අයත් උතුරු අක්ෂාංශ 7.2975´N සහ නැගෙනහිර දේශාංශ 80.9933´E යන ඛණ්ඩාංකය ආශ්‍රිත ප්‍රදේශ මහියංගනයට අයත්වේ. වාර්ෂික වර්ෂාපතනය 383.99 mm කි. සාමාන්‍ය උෂ්ණත්වය 28.0 ºC / 82.4ºF කි. අවම උෂ්ණත්වය වර්ෂයේ ජනවාරි මාසයේදී වාර්ථා වන අතර, එය ආසන්න වශයෙන් 22.8 ºC / 73.0ºF කි.
වර්තමානයේ මහියංගනය නමින් ව්‍යවහාර කරනු ලබන මෙම භූමිය කදු වළල්ලකින් හා ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගග ආසන්න තැනිතලා භුමියකි. තවත් පසකින් දම්බරාව ඔය ගලා බසී. ඒ් නිසා මෙම ප්‍රදේශය බිම්තැන්න (තැනිතලා භූමිය) හෝපිටිගම (ඔයකින් වටවූපිටිය හෙවත් තැනිතලා භූමිය) ආදී තවත් විවිධ නම් වලින්ද ව්‍යවහාරය වී ඇත.
තැනිතලා, කදු, නිම්න, ඇළ, දොළ, ගංගා, වැව්, ජලාශ, පොකුණු, විවිධප

ක්ෂීන්, උරගයින්, ක්ෂීරපායී සතුන්, කෘමි සතුන් ආදීන් මෙන්ම විවිධ ශාක වලින් පූර්ණ වූ සොභා සෞන්දර්යයේ තෝතැන්නකි. එමෙන්ම දිශාවන් කීපයකට මධ්‍යගතව පිහිටීම නිසාද මහියංගනය ඉතා වැදගත් භූමි ප්‍රදේශයකි.

මහියංගන පූජා භූමියේ ඉතිහාසය හා වැදගත්කම

Read as full page
මහියංගන පූජා භූමියේ ඉතිහාසය හා වැදගත්කම

ඓතිහාසික මහියංගන පුදබිම බුදුරජාණන්වහන්සේගේ ජීවමාන කාලය දක්වා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන, ශාසනික වශෙයන් ඉතා වැදගත් බෞද්ධ සිද්ධස්ථානයකි. මෙම පුදබිම ක්‍රි.පූ. 06 වන සියවසේ ආරම්භ වූ සිද්ධස්ථානයක් ලෙසට මහා වංශයේ මුල්ම පරිච්ඡේදයේ සදහන් වේ. බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත්ව මාස 09ක් වැනි කෙටි කාලයක් තුළදී දුරුතු පුර පසෙලාස්වක පොහොය දින මහියංගනයට වැඩම වූ බවත්, ඒ් අනුව මෙම ප්‍රදේශයේ ජීවත් වූ යක්ෂ ගෝත්‍රික ජනතාවට ධර්මාවබෝධයක් ලබා දුන් බවත්, එහිදී ඔවුන් අතර ඇතිවෙමින් තිබූ අරගලයක් සංසිදවූ බවත්, එවකට මෙම ප්‍රදේශය පාලනය කළ සුමන නම් ප්‍රාදේශීය පාලකතුමා බණ අසා සෝවාන් ඵලයට පත්වූ බවත්, අනතුරුව උන්වහන්සේ මහියංගනයෙන් පිටත්ව වැඩිය බවත්, වඩින්නට පෙර උන්වහන්සේ සිහිපත්වීම සදහා යම් සිහිවටනයක් ලබා දෙන ලෙසට සුමන නායකතුමා කළ ඉල්ලීමට අනුව තමන් වහන්සේගේ හිස පිරිමැද ජීවමාන කේෂ

ධාතු ස්වල්පයක් සුමන නායකතුමාට දුන් බවත්, එම ජීවමාන කේෂ ධාතු තැම්පත් කර ප්‍රථම වරට සත්රියන් උස ඉදුනිල්මිණි සෑයක් ඉදිකළ බවත් ඓතිහාසික මූලාශ්‍ර වලින් වඩවඩාත් සනාථ වේ.
පසු කළක දී එනම් ඊට වසර 45කට පසු බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසුව උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ අවස්ථාවේ සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යනමක් වන සරභූ මහරහතන් වහන්සේ සෘද්ධියෙන් දැවෙන චිතකයට වැඩම කර බුදුන්වහන්සේගේ ග්‍රීවා ධාතුව රැගෙන ශ්‍රී ලංකාද්වීපයේ මහියංගනයට වැඩමවාගෙනවිත් සුමන නායකතුමා ඉදිකළ චෛත්‍ය තුළම තැම්පත් කර එය වට කොට ‌දොළොස් රියන් උසට මේධෝ වර්ණ පාෂාණෙයන් චෛත්‍යයක් ඉදි කළ බවද ඓතිහාසික තොරතුරු මගින් සනාථ කරනු ලබයි. ඊට පසු කාලයක දේවානම් පියතිස්ස රජුගේ සොහොයුරකු වන උද්ධ චූලාභය නැමැති රජතුමා විසින් මෙම සෑය කලුගල් පාෂාණයෙන් තිස්රියන් කොට විශාල කළ බවත්, නැවත ශ්‍රී ලංකාව එක්සේසත් කළ අනුරාධපුර රාජ්‍ය සමයේ රජකම් කළ දුටුගැමුණු මහ රජතුමාණන් විසින් අසූරියන් කොට මෙම චෛත්‍ය ඉදිකළ බවත් ඓතිහාසික මූලාශ්‍ර මගින් පැහැදිලි වේ.
සුමන සමන් දෙවියන් මහියංගනයේ ඉදුනිල්මිණි සෑය කරවා ඇත්තේ බුදුරජාණන්වහන්සේ පත්කඩය මත වැඩ සිටිමින් ශ්‍රී සද්ධර්මය දේශනා කළ ස්ථානයේය. ඒ් අනුව ශ්‍රී ලංකාවේ අනෙකුත් පූජනීය ස්ථාන වලට වඩා පහත කරුණු හේතුවෙන් මහියංගනය වඩ වඩාත් සුවිශේෂී සිද්ධස්ථානයක් බවට පත්ව ඇත.
ඒ අනුව බුදුරජාණන්වහන්සේ ජීවමාන කාලයේ ඉදිවූ පළමු බෞද්ධ සිද්ධස්ථානය හා ලෝකයේ පළමු බෞද්ධ වෙහෙර මහියංගන චෛත්‍යරාජයාණන් වහන්සේය. එමෙන්ම පළමුවරට බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකා ධරණිතලයේ වාතලයට මුසුවූ පළමු ස්ථානය ද මහියංගනය වේ. එමෙන්ම දෙවිකෙනෙක්, මහරහතන්වහ්නසේ නමක්, රජකනෙක් එක්ව ඉදිකරන ලද ලොව පළමු සෑය වන්නේද මහියංගන චෛත්‍යරාජ්‍යාණනවහන්සේය. තවද නිල්මැණික් වලින්ද, මේදෝ වර්ණ පාෂාණයෙන්ද, කළුගල් පාෂාණයෙන්ද, ගඩොල් පාෂාණයෙන්ද ඉදිවූ ලොව එකම දාගැබ මහියංගන චෛත්‍ය රාජයාණන්වහන්සේය. තවද ශ්‍රී ලාංකිකයකු බුදුරජාණන්වහන්සේගෙන් බණ අසා ශ්‍රී ලංකා ධරණිතලයේදීම සෝවාන් ඵලයට පත්වූ ශ්‍රී ලංකාවේ එකම පුණ්‍ය භූමිය මහියංගන පූජා භූමියයි. සමන් දෙවියන්වහන්සේගේ මූලස්ථානය වශයෙන් සැලකෙන්නේද මහියංගනයයි. ඒ් නිසා සිරිපා කරුණා කිරීමට පෙර බැතිමතුන් මහියංගන සමන් දෙවියන්ගේ මූලස්ථානයට පැමිණ පුදපූජා පවත්වා ආශිර්වාද ගෙන සිරිපා වන්දනා කරයි.
මහියංගන මහ වෙහෙරට අනුග්‍රහය දැක්වූ රජවරු
 උද්ධචූලාභය කුමරු ක්‍රි.පූ. 307 – 267
 දුටුගැමුණු මහ රජු ක්‍රි.පූ. 161 – 137
 වෝහාරිකතිස්ස රජු ක්‍රි.ව. 210 – 232
 පළමුවන ජෙට්ඨතිස්ස රජු ක්‍රි.ව. 267 - 277
 දෙවන සේන රජු ක්‍රි.ව. 839 – 874
 හතරවන කාශ්‍යප රජු ක්‍රි.ව. 885 – 945
 හතර වන උදය රජු ක්‍රි.ව. 938 - 945
 මහා විජයබාහු රජු ක්‍රි.ව. 1055 – 1110
 පළමු වන පරාක්‍රමබාහු රජු ක්‍රි.ව. 1153 - 1186
 නිශ්ශංකමල්ල රජු ක්‍රි.ව. 1187 – 1196
 හයවන පරාක්‍රමබාහු රජු ක්‍රි.ව. 1412 – 1467
 පළමු වන විමලධර්මසූරිය රජු ක්‍රි.ව. 1591 – 1604
 දෙවන රාජසිංහ රජු ක්‍රි.ව. 1635 – 1687
 වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ක්‍රි.ව. 1706 - 1739
 ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ක්‍රි.ව. 1707 – 1739
 කීර්ති ශ්‍රී රාජසිංහ රජු ක්‍රි.ව. 1747 – 1782
මීට අමතරව විවිධ කාල වකවානු වලදී මහියංගනය ප්‍රාදේශීය පාලක රජවරු, රාජ්‍ය අමාත්‍යවරු හා රාජ්‍ය නිළකරුවන් මහියංගන වෙහෙරට නොයෙක් අයුරින් අනුග්‍රහය දක්වා ඇත.

මහියංගන රාජමහා විහාරය සතු අලි ඇතුන්

Read as full page

මහියංගන විහාරයේ අලි ඇතුන් පිළිබදව වාර්තාගත තොරතුරු මෙතෙක් හමු වී නැත. අලි ඇතුන් පිළිබදව මෙම තොරතුරු වාර්තා කරනු ලබන්නේ විහාරයේ දැනට සිටින හස්ති පාලක මහතුන්ගෙන් ලබාගත් තොරතුරු මතය. ඒ අනුව 1968 වර්ෂයේදී “බණ්ඩා” නැමැති අලියා බිබිලේ කවුඩැල්ල කෝට්ටේ මුදලාලි මහතෙකු විසින් පූජා කර ඇත. ඉන් පසුව1970 දශකයේ මුල් භාගයේ දී විහාරස්ථානයේ අලි පන්තියට “කන්දා” නැමැති අලියා විහාරයේ භාරකාර හිමි විසින් මිලදී ගෙන ඇත. ඒම දශකයේ මැද භාගයේ දී “රාජු” අලියා නැතහොත් “බෙන්තර බඩා” නැමැති අනුවර්ථ නාමයකින් හැදින්වූ අලියෙකු එවකට භාරකාර හිමිපාණන්වහන්සේ විසින් මිලදී ගෙන විහාරස්ථාන අලි පන්තියට එකතු කර ඇත. මෙම අලියාට “බෙන්තර බඩා” නැමැති අනුවර්ථ නාමය ලැබී ඇත්තේ විශාල බඩක් පැවතීම නිසා බව හස්ති පාලකයන් සදහන් කරයි.
එම කාලයේදී “කන්දා” නැමැති අලියා බදුල්ල දේවාල පෙරහැරකට සහභාගි වීමට ගොස් ඇති අත

ර, එහිදී ඇතිවූ කලබලයකදී තම හස්තිපාලක මරා එම අවස්ථාවේදී පිට උඩට නැග සිටි සහයක හස්ති පාලක පිටේ තබාගෙන මහියංගන විහාරයට හස්තිපාලකවරයෙක් නොමැතිව පැමිණ ඇත. එසේ ගෙවාගෙන ආ දුර කිලෝමීටර 52 ක් පමණ වේ.
ඉහත සදහන් කළ අලින් තිදෙනා පිළිබද නිශ්චිත වයසක් කීමට ඔවුන් දැනුවත් නොමැති බව සදහන් කරයි. නමුත් එම අලින් තිදෙනාම ඉතා වයස්ගත අලින් බවත්, එම අලින් 1980 දශකයේ අගදී විවිධ කාලවල මියගොස් ඇත.
පසුව තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිළධාරී ඩබ්ලිව්.එම්. අප්පුහාමී මහතා විසින් 1981 වර්ෂයේ දී “බණ්ඩක්කා අලියා” නැමැති අලියෙකු හා “මැණිකේ ඇතින්න” නැමැති ඇතින්නක පූජාකර ඇත. එම අලියාට “බණ්ඩක්කා” අලියා නැමැති නම පටබැදී ඇත්තේ අප්පුහාමී මහතා විසින් බණ්ඩක්කා වගා කර විකුණා එම මුදල් වලින් එම අලියා මිලදී ගැනීම නිසයි. බණ්ඩක්කා අලියා උසින් අඩි 11 අගල් 6 පමණ උසින් යුතු අතර, වසර 65 ක ආයු ලබා 1998 වර්ෂයේදී මියගොස් ඇත. ඉන් පසුව මැණිකේ ඇතින්න 2014 වර්ෂයේදී අවුරුදු 96 ක කාලයක් ජීවත්ව ඉද මියගොස් ඇත. මෙම ඇතින්න අඩි 10 අගල් 6 ක් පමණ උසින් යුතු අතර, ඕනෑම වැඩකට දක්ෂ බව අදටත් ජීවත්ව සිටින හස්තිපාලක මහතුන් ප්‍රකාශ කරයි. (මෙම අලියා සහ ඇතින්න රැකබලාගත් හස්තිපාලක මහතුන් දැනටත් ජීවත්ව සිටී. මෙම තොරතුරු ඔවුන්ගෙන් ලබා ගන්නා ලදී)
දැනට මහියංගන විහාරයේ “සාලිය” නැමැති අලියාත්, “ඉසුරු” නැමැති අලියාත් ඉතා හොදින් ඇති දැඩි වෙමින් සිටී. සාලිය අලියා 1984 වර්ෂයේදී මහියංගන විහාරයට පූජා කර ඇත්තේ එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් වන අතර, පූජා කරන අවස්ථාවේ අලි පැටවාගේ වයස අවුරුදු 5 ½ ක් පමණ බව සදහන් කරයි. ඉසුරු නැමැති අලියා 2002 වර්ෂයේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පූජා කර ඇත. ඉසුරුගේ වයස ඒ වන විට අවුරුදු 5 ½ කි.
මෙම හස්තීන් දෙදෙනා මහියංගන පෙරහැර මංගල්‍යයට මෙන්ම ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍ය සදහාත්, ලංකාවේ විවිධ ප්‍රදේශ වල පැවැත්වෙන පෙරහැර සදහාත් තම දායකත්වය නොකඩවා ලබාදෙමින් සිටියි.

‌ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථානයේ පැවැත්වෙන පුද පූජා හා සිරිත්විරිත්

Read as full page

‌ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථානයටද අනුයෝජනය වූ ආගමික හා සංස්කෘතික පුද පූජා හා සිරිත්විරිත් සදහා දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇත. ඒ්වා මහියංගන චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ වැඩ සිටින්නා වූ ජීවමාන කේෂ ධාතූන් වහන්සේලා, ග්‍රීවා ධාතූන් වහන්සේ, දහස්ගණනින් වූ සර්වඥ ධාතූන් වහන්සේලා හා ධාතු මන්දිරයේ වැඩ සිටින්නා වූ ධාතූන් වහන්සේලා අරමුණු කරගෙන මෙම පුද සත්කාර හා සිරිත් විරිත් සිදුකරනු ලබයි.
එම පුද පූජාවන් දෛනික පූජාවන්, සතියකට වරක් කෙරෙන පූජාවන්, වාර්ෂික පූජාවන් වශයෙන් කොටස් තුනක් යටතේ දැක්විය හැක.
දෛනික පූජාවන් ලෙස ධාතු මන්දිරයේ සිදුකරන දෛනික තේවා කටයුතු, සම්බුද්ධ පූජා කටයුතු ද, සතියකට වරක් සෑම බදාදා දිනකම සිදුකරන ධාතු මන්දිරයේ නානමුර මංගල්‍යයද, වාර්ෂිකව දුරුතු මංගල්‍ය, අලුත් සහල් මංගල්‍ය, අළුත් අවුරුදු මංගල්‍ය, පෙරහැර මංගල්‍ය, කාර්තික මංගල්‍ය වශයෙන් මංගල්‍ය 05 ක්

ද සිදුකරනු ලබයි.

විහාර මන්දිරය

Read as full page

‌ඓතිහාසික පුදබිමේ විහාරමන්දිරයක් ඉදිකිරීම පිළිබදව පළමු වරට කරුණු වාර්ථා වන්නේ ගෝඨාභය රජුගේ පුත්‍ර I වන ජෙට්ඨතිස්ස (ක්‍රි.ව. 267 – 277) රාජ්‍ය සමයේදීය. එම රජු විසින් මහියංගන චෛත්‍ය අසළ විහාර මන්දිරයක් තැනූ බවට සදහන් වේ. ඉන් පසුව මෙරට රාජ්‍ය සමයේදී මහියංගන මළුවේ විහාර මන්දිරයක් කරවූ බව වාර්ථා වන්නේ නැත.
ක්‍රි.ව. 1930 වන විට අංග සම්පූර්ණ විහාර මන්දිරයක් මහියංගන මළුවේ නොතිබුණේය. පසුව මුල්ලේගම නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් වත්මන් විහාර මන්දිරය ඉදිකිරීම් කටයුතු බු.ව.2484 දී ආරම්භ කොට බු.ව. 2490 දී නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කොට බුදුන්ට ගදකිළි කොට පූජා කරන ලද බව විහාරමන්දිරයේ සදහන් පාඨයේ සදහන් වේ.
පසුව එහි සිදු වූ ජල කාන්දුවත් සමග 2001 වර්ෂයේදී මහියංගන විහාරයේ භාරකාර ධූරයට පත්වූ, වර්තමාන මහියංගන රාජමහා විහාරයේ විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ ව

ිසින් එම වර්ෂයේදීම විහාර මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.
දැනට චෛත්‍ය මළුවේ ඇති කුඩා විහාරය ඉදිවූ කාල වකවානුව පිළිබදව නිශ්චිත තොරතුරක් සොයාගත නොහැක. එමෙන්ම දැනට චෛත්‍ය මළුවේ ඉදිකර ඇති ශෛලමය විහාර මන්දිරය කළුගල් හා දැව යොදා ගනිමින් ඉදිකර ඇත. එය 2025 වර්ෂයේ මාර්තු මස 09 වන දින විවෘත කරන ලදී. එම විහාරය කරවන ලද්දේ වත්මන් මහියංගන රාජමහා විහාරයේ විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ විසින්ය.
ගෝඨාභයගෙන් පසු ඊළගට අනුරාධපුරයේ සිහසුනට උරුම වූයේ ඔහුගේ පුත් I වන දෙටුතිස් රජුටය. ඔහුගේ රාජ්‍ය කාලය කි.ව. (267 – 277) වසර දහයකි. එම යුගය මහියංගනයට මෙන්ම මුළු ඌව බිම්තැන්නටම වැදගත් වන්නේ තම පියාගේ ජන්ම භූමිය කෙරේ ඔහු තුළ පැවති අසීමිත ගෞරවයයි. ගෝඨාභය රජු තුළ නොතිබූ ආගමික භක්තියක් සතුවූ හෙතෙම මහියංගන චෛත්‍ය අසළ විහාරයක් ඉදිකර ඇත. එයින් පැහැදිලි වන්නේ ඒ වන විටත් දුටුගැමුණු රජතුමා ඉදිකළ චෛත්‍ය රාජයා නිරුපද්‍රිතව වන්දනා මානයට ලක්වූ බවයි. මෙහි අනෙකුත් වැදගත්කම වන්නේ දෙටුතිස් රජුගේ කාලය වන තෙක් මහියංගනයේ චෛත්‍යට අමතරව විහාරයක් ගොඩ නැගූ රජෙකු පිළිබද සටහනක් නොවීමයි.

මහියංගන පූජා භූමියේ වැඩ සිටින අෂ්ඨඵල බෝධින්වහන්සේ

Read as full page

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැන නැගුණ දෙතිස් ඵල රුහ බෝධි අංකුරයන්ගෙන් එක් නමක් මහියංගනයේ රෝපණය කරන ලද බව සිංහල බෝධිවංශය දක්වයි. පඨමක චේතිය ලෙස හැදින්වෙන මහියංගණයෙහි අෂ්ඨ ඵල රුහ බෝධීන්ගෙන් එකක් රෝපණය කළ බවද මතයකි. දෙවන පෑතිස් රජ දවසෙහි රෝපිත බෝධීන් වහන්සේ නිල්වන් පැහැයෙන් බැබළෙමින් බොදු බැතිමතුන්ගේ සැදැහැ සිත් වඩවමින් අදත් වැඩ සිටිති.
ක්‍රි.පූ. 307 - 267 අතර කාලය දෙවනපෑතිස් රජතුමාගේ මෙරට පාලන කාලය වන්නේය. එම කාලයේදී මහියංගනය ප්‍රදේශය පාලනය කරන ලද්දේ දෙවන පෑතිස් රජුගේ සොහොයුරකු වන උද්ධ චූලාභය කුමාරයාය. එම කාලයේදී අනුරපුර බෝධි රෝපණ උත්සවයකට සහභාගි වූ මහියංගන ප්‍රාදේශිය පාලක උද්ධ චූලාභය කුමාරයාට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරයක් ලබා දී ඇති බවට සෙල්ලිපි හා වංශකථා අනුව ඉතිහාසඥයෝ උපකල්පනය කරති. මෙම කරුණු අනුව පෙනී යන්නේ මහියංගන පූජා භූමියේ ව

ිරාජමානව වැඩසිටිනා දෙතිස්ඵල (අෂ්ඨඵල) බෝධීන් වහන්සේ මේ වන විට වසර 2300 කට වඩා වැඩි කාලයක් ඉපැරණි බවයි. ඒ අනුව මේ බෝධීන් වහන්සේ පූජනීයත්වයෙන් පමණක් නොව ‌‌ඓතිහාසිකත්වයෙන්ද ශ්‍රේෂ්ඨ වස්තුවකි.
මෙම අති පූජණීය බෝධීන් වහන්සේට ලෝකවාසී බෞද්ධ ජනතාව මහියංගනන පූජා භූමියට පැමිණ නිරන්තර පුද පූජා පවත්වන අතර, එයින් ඔවුන්ට මානසික, කායික හා අධ්‍යාත්මික සුවයත්, ඔවුන්ගේ ගැටළු වලට බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාවද ලැබෙන බවටත් දැඩි විශ්වාසයක් ඇත.
උපුටා ගැනීම් - මහියංගන වරුණ ග්‍රන්තය, බින්තැන්නේ තතු විත්ති ග්‍රන්ථය

මහියංගන ඓතිහාසික ශ්‍රී සුමන සමන් මහා දේවාලය

Read as full page

මහානාග වන උයන හෙවත් මහියංගන අලුත්නුවර එකල සුමන නැමැති ප්‍රාදේශික පාලකයාගේ මාළිගාව පිහිටා තිබූ භූමිය දැනට මහියංගන මහ සමන් දේවාල භූමිය බව සදහන් කරයි. දැනට පැරණි දේවාලය හා අළුත් දේවාලය වශයෙන් දේවාල දෙකක් පවතී. මෙහි අලුත් දේවාලය ගොඩනගා ඇත්තේ පැරණි දේවාලයට ආසන්නවයි. පැරණි දේවාලයට දැනටත් බොහෝ බැතිමතුන් පුද පුජා පවත්වා පුදපඩුරු භාරහාර පවත්වයි. පැරණි දේවාලයේ නටඹුන් විසිර පවතින අතර, නව දේවාලය ගොඩනැගීමට ඇතැම් නටඹුන් උපයෝගි කරගෙන ඇති බව අළුත් දේවාලය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වේ. පැරණි ගල් උළුඅස්සේ කොටස සහ සඳගල නැමැති සදකඩ පහණ ද ඒ සදහා උදාහරණ වේ.
සමන් දේවාලය පිළිබද වංශකථා වල සදහන් වන්නේ නැතිරම්ය. එබැවින් දේවාලයේ පෞරාණිකත්වය පිළිබද නිගමනයකට එළඹීමට අපහසුය. නමුත් ක්‍රි.ව. 1635 දී රජ වූ දෙවන රාජසිංහ රජු බින්තැන්නේ ස්වකීය ජන්ම භූමිය හරහා මඩකලපුවට ගිය රාජකාරී ගමනකද

ී සමන් දෙවිදුන්ගේ හාස්කම් දැක සමන් දේවාලයේ වාර්ෂික පෙරහැර පවත්වන්නැයි නියෝග කළ බව ද ඒ් සදහා අවශ්‍ය ගම්වර කීපයක් පවරා දුන් බව ද සදහන් කර ඇත. එයින් ගම්‍ය වන්නේ මහියංගන සමන් දේවාලය දෙවන රාජසිංහ යුගය වන විටත් ක්‍රියාත්මකව පැවති බවයි.
සමන් දෙවියන්ගේ නිත්‍ය නේවාසික ස්ථානය රත්නපුර මහා සමන් දේවාලය වුවද, සමන් දෙවියන්ගේ මූලස්ථානය මහියංගන අලුත්නුවර මහසමන් දේවාලයයි. එයට හොදම උදාහරණය ලෙස අතීතයේ පටන් සමන් දෙවියන් උදෙසා කරන යාතිකාවේ එනම්, “සිද්ධ පස්වාන් දහසකට අවසර පස්වාන් දහසකට කීර්ති පස්වාන් දහසකට සිද්ධ ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන්වහන්සේ සෝවාන් ඵලයට පැමිණියා වූ ඔබ වහන්සේ දිවා ගුහාවට බොල්ලෑගලට ආරූඪ වූ සබරගමුව හිම මාළිගාවට මහියංගන අලුත්නුවර මහා මූලස්ථානයේ ජීවමානව වැඩවාසය කරන්නා වූ ඔබවහන්සේට” යනුවෙන් සදහන් වේ.
සමන් දේවාල භූමියේ මහාලොකු මෑණියන්ගේ කුඩා දේවාලයක්ද පවතී. මහා ලොකු මෑණියෝ යනු සමන් දෙවියන්ගේ සහෝදරියක් බව සදහන් වේ. ඒ් අනුව මහා ලොකුමෑණියන් වහන්සේ සමන් දෙවියන්වහන්සේ සමග එන බොහෝ ඉතිහාස කතා සමග බද්ධව පවතී. තවද සමන් දෙවියන්ගේ හාස්කම් පිළිබදව රජ දවස පටන් බොහෝ කතා අසන්නට ලැබෙනවා මෙන්ම බැතිමතුන් තුළද සමන් දෙවියන් පිළිබද දැඩි විශ්වාසයක් ගැබ්ව ඇත.
සමන් දේවාලය ඉතිහාසගත තොරතුරු අනුව මෙන්ම දැනටත් වෙනම ම බස්නායක නිළමේ වරයකු හරහා පාලනය වේ. බස්නායක නිළමේ වරයා තෝරා පත්කර ගනු ලබන්නේ බදුල්ල දිස්ත්‍රීක්කයේ දේවාලය වල බස්නායක නිළමේ වරුන්ගේ හා බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඡන්දයක් පැවැත්වීමෙන්ය. එසේ පත්වන බස්නායක නිළමේ වරයගේ ධූර කාලය වර්ෂ පහකි.
සමන් දේවාලයටද මහියංගන රාජමහා විහාරය මෙන්ම වෙනම ම පුද පූජාවන්, තේවා කටයුතු සිදුකරනු ලබයි. මේවාගෙන් බොහෝ පූජාවන් හා මංගල්‍යයන් මහියංගන රාජමහා විහාරය සමග බද්ධව පවතී. ඒවා අතර දුරුතු මංගල්‍ය, අවුරුදු මංගල්‍ය, පෙරහැර මංගල්‍ය, කාර්තික මංගල්‍ය වේ. මේ සදහා වෙනම ම නිළකරුවන් ඇත. නිළකරුවන්ගෙන් පැවත එන පරම්පරා මගින් එම චාරිත්‍ර වාරිත්‍ර දිගින් දිගටම අඛණ්ඩව පවත්වාගෙන එනු ලබයි. මීට අමතරව මහියංගන සමන් දේවාලය හා බැදුන පුද පූජාවන් පවතින අතර, ඒවා පිළිබදව සටහනක් ඉදිරියේදී මෙයට එකතු කිරීමට කටයුතු කරන්නෙමු.

විල්ලුව වැව

Read as full page

දුටුගැමුණු රජුගේ වාරිකර්මාන්තය ආරම්භවූවායැයි සැලකෙන්නේ මහියංගනයේදීය. ඒහිදී දම්බරාව වැව පළමුව ආරම්භ කර ඇත. දුටුගැමුණු රජු විසින් මහියංගන වෙහෙර ඉදිකිරීම සදහා පස් ලබා ගත් ස්ථානය පසුව විල්ලුවක් වූ බවත් එය පසු කාලීනව මහියංගන විහාරයේ ජල අවශ්‍යතා සපුරා ගැනීමට දුටුගැමුණු රජතුමා විසින් විල්ලුව වැව නිර්මාණය කළ බවත්, විල්ලුව වැවට දම්බරාව වැවෙන් ජලය ගෙන ඒම සදහා ඇල මාර්ග තනා ඇති බව ඇළ පද්ධති වල නටබුන් කියාපායි. දැනට ද දම්බරාව වම් ඉවුරු ඇළ මගින් විල්ලුව වැව පෝෂණය වන අතර, ඉතා අලංකාර මනරම් විසිතුරු පරිසරයකට උරුමකම් කියන විල්ලුව වැව මහියංගන පූජා භූමියට පැමිණෙන බැතිමතුන්ගේ ආකර්ෂණයට ලක්ව ඇත. වැවේ බැම්ම කිලෝමීටර එකක් පමන දිගින් යුතු අතර, වැව අක්කර 33ක් පුරා පැතිර ඇත. වැවේ අක්කර අඩි150 ක ජල ධාරිතාවක් ගබඩා කර ගත හැකිය. ජලාශයේ උපරිම ගැඹුර මීටර් හයකි.
පසු කාලීනව විල්ලුව වැ

ව ‌ගොඩවී වල් බිහිවී වන අලින්ගේ සහ කිඹුලන්,උරගයන්ගේ රජ දහනක්ව පැවතිණි.. 2013 වර්ෂයේදී මහියංගන විහාරයේ වත්මන් විහාරාධිපති අතිපූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ විසින් වැව හාරා වැව මධ්‍යයේ කුඩා දූපතක් නිර්මාණය කර එහි සීමා මාලකයක්ද, පසු කාලීනව කුඩා සංඝාවාසයක්ද නිර්මාණය කර ඇත.

විල්ලුව වැව මධ්‍යයේ ඇති පිළිමවහන්සේ

Read as full page

බුදුරජාණන් වහන්සේ මහියංගනයට සෘද්ධියෙන් වැඩමවීම පීළිබිඹු වන ආකාරයට පිටුපස ආධාරකයක් නොමැතිව අඩි 102 ක උසින් යුතු බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවන අයුරින් ඉතා මනරම් පසුපස ආධාරක නොමැතිව ආසියාවේ උසම පිළිමවහන්සේ තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පුමුඛ “මෙත්සවිය “සංවිධානය මගින් ඉදි කර ඇත.

ධාතු මන්දිරය

Read as full page

‌ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථාන පූජා භූමිය තුළ අතීතයේදී ධාතුමන්දිරයක් පිළිබද තොරතුරු දැනගැනීමට හැකියාවක් නැත. දැනට මහියංගන පූජා භූමියේ උඩමළුවේ විහාර මන්දිරය ඉදිරිපිට ඇති ධාතු මන්දිරය ඉදිකරන ලද්දේ වත්මන් විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ විසින්ය. ගරාවැටී තිබුන චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ තැන්පත් කර තිබූ 1951 වර්ෂයේ ජනවාරි ආචාර්ය සෙනරත් පරණවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ කැනීම් වලදී හමුවූ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් විහාර මන්දිරයේ එක් පස කුටියක කරඩුවක් තුළ තැන්පත් කර තිබූ අතර, ඒ සදහා තේවා කටයුතු හා පූජා කටයුතු විහාර මන්දිරය තුළදී රාජකාරීකරුවන් විසින් තේවා කටයුතු සිදුකර ඇත.
පසුව 2009 වර්ෂයේදී උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ විසින් සර්වඥ ධාතූන් වහන්සේලා සදහා පුද පූජා පැවැත්වීමටත්, තේවා කටයුතු පැවැත්වීමටත් ව

ෙනමම ධාතුමන්දිරයක් ඉදිකර එහි සුගන්ධ කුටියට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවා රන් ආලේපිත කරඩුවක් තුළ තැන්පත් කර ඇත. ඒ් සදහා දෛනිකව උදෑසන 05.30 ට අළුයම පූජාවත්, උදෑසන 09.30 දහවල් පූජාවත්, සවස 06.30 ගිලන්පස පූජාවත් ඇතුළුව දෛනික තේවා කටයුතු 2009 වර්ෂයේ සිට මේ දක්වා අඛන්ඩව උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ විසින් පවත්වාගෙන එනු ලබයි. මෙම පූජාවන් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පිංවතුන් විසින් දිනයන් වෙන්කරගෙන පවත්වනු ලබයි.
පූජා කටයුතු හා තේවා කටයුතු සදහා ස්වාමීන්වහන්සේලා දෙනමක් හා රාළලා තුන්දෙනෙක්, දානය සකස් කිරීමට මුල්තැන් රාළලා දෙදෙනෙක් හා තේවා කටයුතු සදහා හේවිසි වාදනයට හතරදෙනෙක්, අවශ්‍ය පූජා භාණ්ඩ ගෙන ඒමට එක් අයෙක් මෙම ධාතු මන්දිරයේ කටයුතු සදහා සම්බන්ධ වී ඇත.
ධාතුමන්දිරයේ වැඩ සිටිනා කුටියේ මහ කරඩුවට එක් පසෙකින් පෙරහැර කරඩුවත්, අනෙක් පසකින් ‌බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පූජා කරන ලද කරඩුවත් වැඩ සිටින අයුරු ධතුමන්දිරය වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට දැක වැදපුදා ගැනීමට හැකිය.

කෞතුකාගාරය

Read as full page

ප්‍රාග් ‌ඓතිහාසික යුගයේ පටන් ඉතිහාසයක් ඇති මහියංගන පූජා භූමියේ වටිනා පුරාවස්තු තැන්පත් කිරීමට කෞතුකාගාරයක් තිබුණේ නැත. තැනින් තැන විසිරී ඇති පුරාවස්තු වල අගය දැනගත් විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ විසින් මහියංගන පූජා භූමියේ කෞතුකාගාරයක් ඉදිකරන ලදී. මේ වන විට එහි වටිනා කෞතුක වස්තු රැසක් මහජන ප්‍රදර්ශනය සදහා සකස් කර තැන්පත් කර ඇත. මේ සදහා බදුල්ල ප්‍රාදේශීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ සහය ලබාදී ඇත. පූජා භූමියේ අතීතයේ කෞතුක වස්තු තැන්පත් කිරීම සදහා ස්ථානයක් නොමැති වීම හේතුවෙන් සොරබොර ප්‍රදේශයෙන් හමු වූ සොරබොර ටැම් ලිපිය මේ වන විට 1859 පටන් වර්ෂ 160 කට වැඩි කාලයක් තිස්සේ බදුල්ල කච්චේරිය අසල තැම්පත්කර ඇත. එම නිසා සොරබොර ටැම් ලිපිය බදුලු ටැම් ලිපිය වශයෙන් ඇතමුන් හදුන්වන්නට කටයුතු කර ඇත. තවද මහියංගන චෛත්‍ය රාජයාණන්වහන්සේගේ ගර්භයෙන්

හමු වූ ක්‍රි.ව. 9 – 10 සියවස් වලට අයත් බිතු සිතුවම් සියල්ල අනුරාධපුර කෞතුකාගාරයේ හා ගාල්ල කෞතුකාගාරයේ තැම්පත් කර ඇත්තේ එම දිස්ත්‍රීක්කයන්ගේ උරුමයක් වශයෙනි. මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ චෛත්‍යන්හි ධාතු ගර්භයෙන් හමු වූ ප්‍රථම හා එකම සිතුවම් මේවා බව සනාථ වීමෙන් මේවායේ වටිනාකම දෙගුණ තෙගුණ වන බව සදහන් කරයි.
එමෙන්ම වර්ෂ 900 කට වඩා වැඩි ඉතිහාසයක් ඇති මිණිපේ සෙල්ලිපිය මේ වන විට හානි වී ඇත්තේ එය සුරක්ෂිතව තැන්පත් කිරීමට ස්ථානයක් නොමැති වීමෙන්ය. එයින් සිදුවී ඇති හානිය වන්නේ සෙල්ලිපිය පිහිටුවීමේ අරමුණ කුමක්ද යන්න පැහැදිළිව හදුනාගැනීමට නොහැකි වීමයි.
ඒ අනුව මෙම පුරාවස්තූන් මහියංගන වෙහෙර අරභයා ඒ් ආසන්නව ගොඩනැගුණ පුරාවස්තූන් බව පැහැදිලිය. එම නිසා එහි අනන්‍යතාව ඇත්තේ මහියංගන රජමහා විහාරයටය. එම නිසා දැනට කෞතුකාගාරයක් පූජා භූමිය තුළ ඉදි කර ඇති බැවින් එම පුරාවස්තු මහියංගන පූජාභූමි කෞතුකාගාරයේ ආරක්ෂිතව තැම්පත් කළ යුතු බව විහාරාධිපති නාහිමිපාණන්වහන්සේ ප්‍රධාන සියළු දෙනාගේ මතයයි.

සංඝාවාසය

Read as full page

මහා වංශයේ සදහන් කර ඇති පරිදි දුටුගැමුණු රජු රුහුණේ සිට මහියංගනයට සම්ප්‍රාප්ත වූයේ එළාර රජුගේ සෙන්පති ජත්‍ර විසින් පාලනය කළ මහියංගනය මුදාගැනීම පිණිසයි. රජුගේ අණ පරිදි නටබුන් වී ඇති ස්ථූපය අසල තාවකාලික මාළිගාවක් ඉදි කළ අතර තිස්ස මහා විහාරයේ සිට රජු සමග වැඩම කළ ධම්මරක්ඛිත හිමියන් ප්‍රමුඛ මහා සංඝයාට රජු විසින් මහියංගන විහාරයේ භාරකාරිත්වය ලබා දී ඇත. මෙම පුවත ථූපවංශයේ සදහන් වන්නේ “රජ මහ සෙනගපිරිවරා තුන්ගම්කසටපිටියෙන් නික්ම මියුගුණු ගොස් මියුගුණෙහි ඡත්‍ර නම් දෙමළා හා සටන් කොට ඌ මරා ඟඟ ලා මියුගුණේ කසු දාගැබක් කර වූය” යනුවෙනි.
ඉන් පසුව ඉදිකරන ලද සංඝාවාස දෙකක් දක්නට ඇත. ඉන් පැරණි සංඝාවාසය මේ වන විට දශක හතක් පමණ පැරණිය. අනෙක් දෙමහල් සංඝාවාසය වර්තමානයට ගැළපෙන අන්දමින් වත්මන් විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ විසින් ඉදිකර ඇත. පැරණි සංඝාවාසය මේ

වන විට විහාරාධිපති නාහිමිපාණන්වහන්සේ විසින් නවීකරණය කොට විශ්‍රාම ශාලාවක් බවට පත්කර ඇත.

Chat with us
Mahiyangana Raja Maha Viharaya