Logo

MAHIYANGANA RAJA
MAHA VIHARAYA

Mahiyangana, Sri Lanka

Sri Lanka Flag
Temple History

කෞතුකාගාරය

Back to About

ප්‍රාග් ‌ඓතිහාසික යුගයේ පටන් ඉතිහාසයක් ඇති මහියංගන පූජා භූමියේ වටිනා පුරාවස්තු තැන්පත් කිරීමට කෞතුකාගාරයක් තිබුණේ නැත. තැනින් තැන විසිරී ඇති පුරාවස්තු වල අගය දැනගත් විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ විසින් මහියංගන පූජා භූමියේ කෞතුකාගාරයක් ඉදිකරන ලදී. මේ වන විට එහි වටිනා කෞතුක වස්තු රැසක් මහජන ප්‍රදර්ශනය සදහා සකස් කර තැන්පත් කර ඇත. මේ සදහා බදුල්ල ප්‍රාදේශීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ සහය ලබාදී ඇත. පූජා භූමියේ අතීතයේ කෞතුක වස්තු තැන්පත් කිරීම සදහා ස්ථානයක් නොමැති වීම හේතුවෙන් සොරබොර ප්‍රදේශයෙන් හමු වූ සොරබොර ටැම් ලිපිය මේ වන විට 1859 පටන් වර්ෂ 160 කට වැඩි කාලයක් තිස්සේ බදුල්ල කච්චේරිය අසල තැම්පත්කර ඇත. එම නිසා සොරබොර ටැම් ලිපිය බදුලු ටැම් ලිපිය වශයෙන් ඇතමුන් හදුන්වන්නට කටයුතු කර ඇත. තවද මහියංගන චෛත්‍ය රාජයාණන්වහන්සේගේ ගර්භයෙන් හමු වූ ක්‍රි.ව. 9 – 10 සියවස් වලට අයත් බිතු සිතුවම් සියල්ල අනුරාධපුර කෞතුකාගාරයේ හා ගාල්ල කෞතුකාගාරයේ තැම්පත් කර ඇත්තේ එම දිස්ත්‍රීක්කයන්ගේ උරුමයක් වශයෙනි. මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ චෛත්‍යන්හි ධාතු ගර්භයෙන් හමු වූ ප්‍රථම හා එකම සිතුවම් මේවා බව සනාථ වීමෙන් මේවායේ වටිනාකම දෙගුණ තෙගුණ වන බව සදහන් කරයි.

එමෙන්ම වර්ෂ 900 කට වඩා වැඩි ඉතිහාසයක් ඇති මිණිපේ සෙල්ලිපිය මේ වන විට හානි වී ඇත්තේ එය සුරක්ෂිතව තැන්පත් කිරීමට ස්ථානයක් නොමැති වීමෙන්ය. එයින් සිදුවී ඇති හානිය වන්නේ සෙල්ලිපිය පිහිටුවීමේ අරමුණ කුමක්ද යන්න පැහැදිළිව හදුනාගැනීමට නොහැකි වීමයි.

ඒ අනුව මෙම පුරාවස්තූන් මහියංගන වෙහෙර අරභයා ඒ් ආසන්නව ගොඩනැගුණ පුරාවස්තූන් බව පැහැදිලිය. එම නිසා එහි අනන්‍යතාව ඇත්තේ මහියංගන රජමහා විහාරයටය. එම නිසා දැනට කෞතුකාගාරයක් පූජා භූමිය තුළ ඉදි කර ඇති බැවින් එම පුරාවස්තු මහියංගන පූජාභූමි කෞතුකාගාරයේ ආරක්ෂිතව තැම්පත් කළ යුතු බව විහාරාධිපති නාහිමිපාණන්වහන්සේ ප්‍රධාන සියළු දෙනාගේ මතයයි.

Chat with us
Mahiyangana Raja Maha Viharaya