Logo

MAHIYANGANA RAJA
MAHA VIHARAYA

Mahiyangana, Sri Lanka

Sri Lanka Flag
Temple History

මහියංගන පූජා භූමියේ වැඩ සිටින අෂ්ඨඵල බෝධින්වහන්සේ

Back to About

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැන නැගුණ දෙතිස් ඵල රුහ බෝධි අංකුරයන්ගෙන් එක් නමක් මහියංගනයේ රෝපණය කරන ලද බව සිංහල බෝධිවංශය දක්වයි. පඨමක චේතිය ලෙස හැදින්වෙන මහියංගණයෙහි අෂ්ඨ ඵල රුහ බෝධීන්ගෙන් එකක් රෝපණය කළ බවද මතයකි. දෙවන පෑතිස් රජ දවසෙහි රෝපිත බෝධීන් වහන්සේ නිල්වන් පැහැයෙන් බැබළෙමින් බොදු බැතිමතුන්ගේ සැදැහැ සිත් වඩවමින් අදත් වැඩ සිටිති.

ක්‍රි.පූ. 307 - 267 අතර කාලය දෙවනපෑතිස් රජතුමාගේ මෙරට පාලන කාලය වන්නේය. එම කාලයේදී මහියංගනය ප්‍රදේශය පාලනය කරන ලද්දේ දෙවන පෑතිස් රජුගේ සොහොයුරකු වන උද්ධ චූලාභය කුමාරයාය. එම කාලයේදී අනුරපුර බෝධි රෝපණ උත්සවයකට සහභාගි වූ මහියංගන ප්‍රාදේශිය පාලක උද්ධ චූලාභය කුමාරයාට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරයක් ලබා දී ඇති බවට සෙල්ලිපි හා වංශකථා අනුව ඉතිහාසඥයෝ උපකල්පනය කරති. මෙම කරුණු අනුව පෙනී යන්නේ මහියංගන පූජා භූමියේ විරාජමානව වැඩසිටිනා දෙතිස්ඵල (අෂ්ඨඵල) බෝධීන් වහන්සේ මේ වන විට වසර 2300 කට වඩා වැඩි කාලයක් ඉපැරණි බවයි. ඒ අනුව මේ බෝධීන් වහන්සේ පූජනීයත්වයෙන් පමණක් නොව ‌‌ඓතිහාසිකත්වයෙන්ද ශ්‍රේෂ්ඨ වස්තුවකි.

මෙම අති පූජණීය බෝධීන් වහන්සේට ලෝකවාසී බෞද්ධ ජනතාව මහියංගනන පූජා භූමියට පැමිණ නිරන්තර පුද පූජා පවත්වන අතර, එයින් ඔවුන්ට මානසික, කායික හා අධ්‍යාත්මික සුවයත්, ඔවුන්ගේ ගැටළු වලට බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාවද ලැබෙන බවටත් දැඩි විශ්වාසයක් ඇත.

උපුටා ගැනීම් - මහියංගන වරුණ ග්‍රන්තය, බින්තැන්නේ තතු විත්ති ග්‍රන්ථය

Chat with us
Mahiyangana Raja Maha Viharaya