Logo

MAHIYANGANA RAJA
MAHA VIHARAYA

Mahiyangana, Sri Lanka

Sri Lanka Flag
Temple History

භූගෝලීය පිහිටීම

Back to About

ශ්‍රී ලංකාවේ ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රීක්කයේ පිහිටා ඇති මහියංගනය මුහුදු මට්ටමේ සිට අඩි 180 ක් පමණ උසින් පිහිටා ඇත. බදුල්ල දිස්ත්‍රීක්කයට අයත් උතුරු අක්ෂාංශ 7.2975´N සහ නැගෙනහිර දේශාංශ 80.9933´E යන ඛණ්ඩාංකය ආශ්‍රිත ප්‍රදේශ මහියංගනයට අයත්වේ. වාර්ෂික වර්ෂාපතනය 383.99 mm කි. සාමාන්‍ය උෂ්ණත්වය 28.0 ºC / 82.4ºF කි. අවම උෂ්ණත්වය වර්ෂයේ ජනවාරි මාසයේදී වාර්ථා වන අතර, එය ආසන්න වශයෙන් 22.8 ºC / 73.0ºF කි.

වර්තමානයේ මහියංගනය නමින් ව්‍යවහාර කරනු ලබන මෙම භූමිය කදු වළල්ලකින් හා ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගග ආසන්න තැනිතලා භුමියකි. තවත් පසකින් දම්බරාව ඔය ගලා බසී. ඒ් නිසා මෙම ප්‍රදේශය බිම්තැන්න (තැනිතලා භූමිය) හෝපිටිගම (ඔයකින් වටවූපිටිය හෙවත් තැනිතලා භූමිය) ආදී තවත් විවිධ නම් වලින්ද ව්‍යවහාරය වී ඇත.

තැනිතලා, කදු, නිම්න, ඇළ, දොළ, ගංගා, වැව්, ජලාශ, පොකුණු, විවිධපක්ෂීන්, උරගයින්, ක්ෂීරපායී සතුන්, කෘමි සතුන් ආදීන් මෙන්ම විවිධ ශාක වලින් පූර්ණ වූ සොභා සෞන්දර්යයේ තෝතැන්නකි. එමෙන්ම දිශාවන් කීපයකට මධ්‍යගතව පිහිටීම නිසාද මහියංගනය ඉතා වැදගත් භූමි ප්‍රදේශයකි.

Chat with us
Mahiyangana Raja Maha Viharaya