Mahiyangana, Sri Lanka
ඓතිහාසික පුදබිමේ විහාරමන්දිරයක් ඉදිකිරීම පිළිබදව පළමු වරට කරුණු වාර්ථා වන්නේ ගෝඨාභය රජුගේ පුත්‍ර I වන ජෙට්ඨතිස්ස (ක්‍රි.ව. 267 – 277) රාජ්‍ය සමයේදීය. එම රජු විසින් මහියංගන චෛත්‍ය අසළ විහාර මන්දිරයක් තැනූ බවට සදහන් වේ. ඉන් පසුව මෙරට රාජ්‍ය සමයේදී මහියංගන මළුවේ විහාර මන්දිරයක් කරවූ බව වාර්ථා වන්නේ නැත.
ක්‍රි.ව. 1930 වන විට අංග සම්පූර්ණ විහාර මන්දිරයක් මහියංගන මළුවේ නොතිබුණේය. පසුව මුල්ලේගම නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් වත්මන් විහාර මන්දිරය ඉදිකිරීම් කටයුතු බු.ව.2484 දී ආරම්භ කොට බු.ව. 2490 දී නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කොට බුදුන්ට ගදකිළි කොට පූජා කරන ලද බව විහාරමන්දිරයේ සදහන් පාඨයේ සදහන් වේ.
පසුව එහි සිදු වූ ජල කාන්දුවත් සමග 2001 වර්ෂයේදී මහියංගන විහාරයේ භාරකාර ධූරයට පත්වූ, වර්තමාන මහියංගන රාජමහා විහාරයේ විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ විසින් එම වර්ෂයේදීම විහාර මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.
දැනට චෛත්‍ය මළුවේ ඇති කුඩා විහාරය ඉදිවූ කාල වකවානුව පිළිබදව නිශ්චිත තොරතුරක් සොයාගත නොහැක. එමෙන්ම දැනට චෛත්‍ය මළුවේ ඉදිකර ඇති ශෛලමය විහාර මන්දිරය කළුගල් හා දැව යොදා ගනිමින් ඉදිකර ඇත. එය 2025 වර්ෂයේ මාර්තු මස 09 වන දින විවෘත කරන ලදී. එම විහාරය කරවන ලද්දේ වත්මන් මහියංගන රාජමහා විහාරයේ විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ විසින්ය.
ගෝඨාභයගෙන් පසු ඊළගට අනුරාධපුරයේ සිහසුනට උරුම වූයේ ඔහුගේ පුත් I වන දෙටුතිස් රජුටය. ඔහුගේ රාජ්‍ය කාලය කි.ව. (267 – 277) වසර දහයකි. එම යුගය මහියංගනයට මෙන්ම මුළු ඌව බිම්තැන්නටම වැදගත් වන්නේ තම පියාගේ ජන්ම භූමිය කෙරේ ඔහු තුළ පැවති අසීමිත ගෞරවයයි. ගෝඨාභය රජු තුළ නොතිබූ ආගමික භක්තියක් සතුවූ හෙතෙම මහියංගන චෛත්‍ය අසළ විහාරයක් ඉදිකර ඇත. එයින් පැහැදිලි වන්නේ ඒ වන විටත් දුටුගැමුණු රජතුමා ඉදිකළ චෛත්‍ය රාජයා නිරුපද්‍රිතව වන්දනා මානයට ලක්වූ බවයි. මෙහි අනෙකුත් වැදගත්කම වන්නේ දෙටුතිස් රජුගේ කාලය වන තෙක් මහියංගනයේ චෛත්‍යට අමතරව විහාරයක් ගොඩ නැගූ රජෙකු පිළිබද සටහනක් නොවීමයි.