Logo

MAHIYANGANA RAJA
MAHA VIHARAYA

Mahiyangana, Sri Lanka

Sri Lanka Flag
Temple History

‌ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථානයේ පැවැත්වෙන පුද පූජා හා සිරිත්විරිත්

Back to About

‌ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථානයටද අනුයෝජනය වූ ආගමික හා සංස්කෘතික පුද පූජා හා සිරිත්විරිත් සදහා දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇත. ඒ්වා මහියංගන චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ වැඩ සිටින්නා වූ ජීවමාන කේෂ ධාතූන් වහන්සේලා, ග්‍රීවා ධාතූන් වහන්සේ, දහස්ගණනින් වූ සර්වඥ ධාතූන් වහන්සේලා හා ධාතු මන්දිරයේ වැඩ සිටින්නා වූ ධාතූන් වහන්සේලා අරමුණු කරගෙන මෙම පුද සත්කාර හා සිරිත් විරිත් සිදුකරනු ලබයි.

එම පුද පූජාවන් දෛනික පූජාවන්, සතියකට වරක් කෙරෙන පූජාවන්, වාර්ෂික පූජාවන් වශයෙන් කොටස් තුනක් යටතේ දැක්විය හැක.

දෛනික පූජාවන් ලෙස ධාතු මන්දිරයේ සිදුකරන දෛනික තේවා කටයුතු, සම්බුද්ධ පූජා කටයුතු ද, සතියකට වරක් සෑම බදාදා දිනකම සිදුකරන ධාතු මන්දිරයේ නානමුර මංගල්‍යයද, වාර්ෂිකව දුරුතු මංගල්‍ය, අලුත් සහල් මංගල්‍ය, අළුත් අවුරුදු මංගල්‍ය, පෙරහැර මංගල්‍ය, කාර්තික මංගල්‍ය වශයෙන් මංගල්‍ය 05 ක් ද සිදුකරනු ලබයි.

Chat with us
Mahiyangana Raja Maha Viharaya