Logo

MAHIYANGANA RAJA
MAHA VIHARAYA

Mahiyangana, Sri Lanka

Sri Lanka Flag
Temple History

ධාතු මන්දිරය

Back to About

‌ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථාන පූජා භූමිය තුළ අතීතයේදී ධාතුමන්දිරයක් පිළිබද තොරතුරු දැනගැනීමට හැකියාවක් නැත. දැනට මහියංගන පූජා භූමියේ උඩමළුවේ විහාර මන්දිරය ඉදිරිපිට ඇති ධාතු මන්දිරය ඉදිකරන ලද්දේ වත්මන් විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ විසින්ය. ගරාවැටී තිබුන චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ තැන්පත් කර තිබූ 1951 වර්ෂයේ ජනවාරි ආචාර්ය සෙනරත් පරණවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ කැනීම් වලදී හමුවූ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් විහාර මන්දිරයේ එක් පස කුටියක කරඩුවක් තුළ තැන්පත් කර තිබූ අතර, ඒ සදහා තේවා කටයුතු හා පූජා කටයුතු විහාර මන්දිරය තුළදී රාජකාරීකරුවන් විසින් තේවා කටයුතු සිදුකර ඇත.

පසුව 2009 වර්ෂයේදී උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ විසින් සර්වඥ ධාතූන් වහන්සේලා සදහා පුද පූජා පැවැත්වීමටත්, තේවා කටයුතු පැවැත්වීමටත් වෙනමම ධාතුමන්දිරයක් ඉදිකර එහි සුගන්ධ කුටියට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවා රන් ආලේපිත කරඩුවක් තුළ තැන්පත් කර ඇත. ඒ් සදහා දෛනිකව උදෑසන 05.30 ට අළුයම පූජාවත්, උදෑසන 09.30 දහවල් පූජාවත්, සවස 06.30 ගිලන්පස පූජාවත් ඇතුළුව දෛනික තේවා කටයුතු 2009 වර්ෂයේ සිට මේ දක්වා අඛන්ඩව උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ විසින් පවත්වාගෙන එනු ලබයි. මෙම පූජාවන් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පිංවතුන් විසින් දිනයන් වෙන්කරගෙන පවත්වනු ලබයි.

පූජා කටයුතු හා තේවා කටයුතු සදහා ස්වාමීන්වහන්සේලා දෙනමක් හා රාළලා තුන්දෙනෙක්, දානය සකස් කිරීමට මුල්තැන් රාළලා දෙදෙනෙක් හා තේවා කටයුතු සදහා හේවිසි වාදනයට හතරදෙනෙක්, අවශ්‍ය පූජා භාණ්ඩ ගෙන ඒමට එක් අයෙක් මෙම ධාතු මන්දිරයේ කටයුතු සදහා සම්බන්ධ වී ඇත.

ධාතුමන්දිරයේ වැඩ සිටිනා කුටියේ මහ කරඩුවට එක් පසෙකින් පෙරහැර කරඩුවත්, අනෙක් පසකින් ‌බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පූජා කරන ලද කරඩුවත් වැඩ සිටින අයුරු ධතුමන්දිරය වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට දැක වැදපුදා ගැනීමට හැකිය.

Chat with us
Mahiyangana Raja Maha Viharaya