Logo

MAHIYANGANA RAJA
MAHA VIHARAYA

Mahiyangana, Sri Lanka

Sri Lanka Flag
Temple History

විල්ලුව වැව

Back to About

දුටුගැමුණු රජුගේ වාරිකර්මාන්තය ආරම්භවූවායැයි සැලකෙන්නේ මහියංගනයේදීය. ඒහිදී දම්බරාව වැව පළමුව ආරම්භ කර ඇත. දුටුගැමුණු රජු විසින් මහියංගන වෙහෙර ඉදිකිරීම සදහා පස් ලබා ගත් ස්ථානය පසුව විල්ලුවක් වූ බවත් එය පසු කාලීනව මහියංගන විහාරයේ ජල අවශ්‍යතා සපුරා ගැනීමට දුටුගැමුණු රජතුමා විසින් විල්ලුව වැව නිර්මාණය කළ බවත්, විල්ලුව වැවට දම්බරාව වැවෙන් ජලය ගෙන ඒම සදහා ඇල මාර්ග තනා ඇති බව ඇළ පද්ධති වල නටබුන් කියාපායි. දැනට ද දම්බරාව වම් ඉවුරු ඇළ මගින් විල්ලුව වැව පෝෂණය වන අතර, ඉතා අලංකාර මනරම් විසිතුරු පරිසරයකට උරුමකම් කියන විල්ලුව වැව මහියංගන පූජා භූමියට පැමිණෙන බැතිමතුන්ගේ ආකර්ෂණයට ලක්ව ඇත. වැවේ බැම්ම කිලෝමීටර එකක් පමන දිගින් යුතු අතර, වැව අක්කර 33ක් පුරා පැතිර ඇත. වැවේ අක්කර අඩි150 ක ජල ධාරිතාවක් ගබඩා කර ගත හැකිය. ජලාශයේ උපරිම ගැඹුර මීටර් හයකි.

පසු කාලීනව විල්ලුව වැව ‌ගොඩවී වල් බිහිවී වන අලින්ගේ සහ කිඹුලන්,උරගයන්ගේ රජ දහනක්ව පැවතිණි.. 2013 වර්ෂයේදී මහියංගන විහාරයේ වත්මන් විහාරාධිපති අතිපූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ විසින් වැව හාරා වැව මධ්‍යයේ කුඩා දූපතක් නිර්මාණය කර එහි සීමා මාලකයක්ද, පසු කාලීනව කුඩා සංඝාවාසයක්ද නිර්මාණය කර ඇත.

Chat with us
Mahiyangana Raja Maha Viharaya