Mahiyangana Sri Lanka
සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ විංශත් වර්ගික කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, ඓතිහාසික මහියංගන රාජමහා විහාරය, හුම්බුළුව රාජමහා විහාරය, උරුලෑවත්ත රාජමහා විහාරය, මහියංගනය ශ්‍රී ශාඛ්‍යමුණි මහා විහාරය, ගින්නෝරුව ශ්‍රී විජයසුන්දරාරාමය, මහනුවර අස්ගිරිය උරුලෑවත්ත පංසල යන විහාරයන්හි විහාරාධිපති, ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ විධායක සභික, ශ්‍රී දළදා මාළිගාවේ තේවාවභාර (2009,2024)මහෝපාධ්‍යාය, රාජකීය පණ්ඩිත අති පූජ්‍ය ආචාර්ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ මහියංගන රාජමහා විහාරයේ කීර්තිමත් නායකහිමිපාණන්වහන්සේ නමකි.
ඓතිහාසික මහියංගන රාජමහා විහාරයේ වත්මන් පුනරුදය පිළිබද විමසා බැලීමේදී එහි ප්‍රධාන නියමුවා වන අතිපූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේ පිළිබදව කථා කළ යුතුමය. උන්වහන්සේ 2001 වර්ෂයේ මහියංගන රාජමහා විහාරයේ භාරකාරත්වයට පත් වූවාට පසු මහනුවර අස්ගිරි විහාරයේ උරුලැවත්ත පංසලෙන් මහියංගනයට වැඩම කරන විට එතෙක් දැරූ මහනුවර විද්‍යාර්ථ විද්‍යාල්‍යීය සහකාර විදුහල්පති තනතුර ද පසෙකලා ඇත. ඊට හේතු වූයේ මහා සංඝ යතිවරයාණන්වහන්සේ නමකගෙන් ශාසනයට අත්‍යවශ්‍ය මොහොතේදී ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් පිළිබදව උන් වහන්සේ මනා අවබෝධයකින් පසුවූ නිසාය.
ඉන් පසුව උන්වහන්සේ පළමුව මහියංගන විහාරයේ විහාරමන්දිරයේ වහලය ප්‍රතිසංස්කරණය කිරීමෙන් මහියංගන විහාරයේ අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුතු ආරම්භ කරන්නට විය. උන්වහන්සේගේ එම සංවර්ධන කටයුත්ත ඉතා දැවැන්ත කටයුත්තකි. මේ වන විට එම
සංවර්ධන කටයුතු වල වටිනාකම වර්තමානයේ ගණනය කළ විට එය රුපියල් මිලියන 3000 කට වඩා අධිකය.
උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායකහිමිපාණන්වහන්සේ විසින් මහියංගන රාජමහා විහාරයේ සිදුකළ සංවර්ධන කටයුතු අතර,
1. විහාර මන්දිරයේ වහලය ප්‍රතිසංස්කරණය කිරීම - වර්ෂ 2001
2. මකර තොරණ සහිත ප්‍රධාන මාර්ගය වලාකුළු බැම්මත් සමග ඉදිකිරීම - වර්ෂ 2002
3. බදුලු මාර්ගයට සමාන්තරව අඩි 2800 ක් දිග වලාකුළු බැම්ම ඉදි කිරීම - වර්ෂ 2002
4. දෙමහල් සංඝාවාසය - 2003
5. ධර්ම ශාලාව -
6. ධාතු මන්දිරය
7. ධාතුමන්දිරයේ මුළුතැන්ගේ
8. අටවිසි බුදු මැදුර
9. බෝධීන් වහන්සේගේ රන්වැට
10. කෞතුකාගාරය හා අභ්‍යන්තර නිර්මාණ
11. දෙමහල් විශ්‍රාම ශාලාව 01 ඉදිකිරීම
12. දෙමහල් විශ්‍රාම ශාලාව 02 ඉදිකිරීම
13. ප්‍රතිසංස්කරණය කළ විශ්‍රාම ශාලාව 01
14. ප්‍රතිසංස්කරණය කළ විශ්‍රාම ශාලාව 02
15. විශ්‍රාම ශාලාව සහිත දෙමහල් දහම්පාසල් ගොඩනැගිල්ල
16. තෙමහල් දහම්පාසල් ගොඩනැගිල්ල
17. වීදුරු ආවරණ සහිත පහන් ගෙවල් 03 ඉදිකිරීම,
18. උඩමළුව ඇතුළත මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම
19. පහත මළුව මාර්ග පද්ධතිය නවීකරණය කිරීමට නායකත්වය ලබා දීම
20. පූජා භූමියේ ඇතුළත හා පිවිසුම් ගේට්ටු පද්ධතිය සකස් කිරීම
21. චෛත්‍ය වම්පස බෝධි ප්‍රාකාරය ඉදිකිරීම
22. බෝධිසත්ව ප්‍රතිමාව නිර්මාණය කිරීම
23. ගොඩවී තිබූ විල්ලුව වැව ප්‍රතිසංස්කරණය කිරීම
24. විල්ලුව වැවේ වැව් බැම්ම වටා ඇති වලාකුළු බැම්ම නිර්මාණය
25. විල්ලුව වැව මධ්‍යයේ ඇති දූපත නිර්මාණය කිරීම
26. විල්ලුව වැව මැද සීමාමාලකය ඉදිකිරීම
27. විල්ලුව වැවේ වැව මධ්‍ය දූපතට යාමට පාලම ඉදිකිරීම
28. විල්ලුව වැව මධ්‍යයේ අඩි 102 ක් උස පිළිමවහන්සේ ඉදිකිරීමට මග පෙන්වා දීම
29. භූගත විදුලි පද්ධතිය සකස්කිරීම
30. විශාල දාන ශාලාවක් ඉදිකිරීම
31. වාහල්කඩ ඉදිකිරීම
32. මල් වෙළදාම් කරන්නන්ගේ වෙළදසැල් ප්‍රතිසංස්කරණය කිරීම හා ඉදිකිරීම
33. අටවිසි බෝධි රෝපණ උයනක් ඉදිකිරීම
34. අලි ඇතුන් සදහා ඇත්ගාලක් ඉදිකිරීම
35. සිරිසගබෝ ළදරු සරසවිය ඉදිකිරීම
36. වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම
37. වැසිකිලි 100කින් යුතු සනීපාරක්ෂක පද්ධතියක් ඉදිකිරීම
38. චෛත්‍ය රාජයාණන්වහන්සේගේ මල්ආසන දෙක සහ පේසා වළලු 03 ප්‍රතිසංස්කරණය කිරීම
39. ඔසු උයන ඉදිකිරීම
40. වැලිමළුව වටා ඇති බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම
41. උඩමළුව වටා වලාකුළු බැම්ම නවීකරණය කර ඉදිකිරීම
42. පූජාභූමියේ ජල ව්‍යාපෘතියක් සකස්කිරීම
43. පෙරහැර සමයේ ප්‍රයෝජනය පිණිස මංතීරු දෙකක් සහිත ඇලෑවල මාර්ගය ඉදිකිරීමට නායකත්වය ගැනීම
44. පූජා භූමියේ වටරවුම් මාර්ගය කාපට් කිරීමට නායකත්වය ලබා දීම
45. මහියංගන පූජාභූමිය පූජා භූමියක් වශයෙන් 2022 වර්ෂයේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට අදාල කටයුතු සිදුකිරීම
46. පූජාවන් තැන්පත් කිරීම සදහා ශෛලමය විහාර මන්දිරයක් ඉදිකිරීම
47. චෛත්‍ය රාජයාණන්වහන්සේ වටා දුර්වලව තිබූ සාංචි වැට වෙනුවට ශෛලමය සාංචි වැටක් ඉදිකිරීම
48. විහාරීය ඉඩම් හා දේපල සුරක්ෂිත කිරීම
ආදිය ප්‍රධාන වශයෙන් දැක්විය හැකිය.
මීට අමතරව බොහෝ සමාජ සුභසාධන කටයුතු වලද ක්‍රියාකාරීව උන්වහන්සේ තම දායකත්වය ලබා දෙන අතර,
1. දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල දුගී පවුල් සදහා වර්ෂයකට ලක්ෂ 50ක් පමණ වටිනා නව නිවසක් ඉදිකර දීම,
2. මහියංගන රෝහලේ භික්ෂු වාට්ටුවක් ඉදිකිරීම,
3. මහියංගන රෝහලේ බෝවන රෝග පර්යේෂණ ඒ්කකයක් ඉදිකිරීම,
4. රෝහල් සදහා යන්ත්‍ර සූත්‍ර හා අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම,
5. දිළිදු ජනතාවට වියළි සලාක ලබාදීම,
6. ස්වභාවික ව්‍යසන වලදී දේශීය මෙන්ම විදේශීය ජනයා සදහා ආධාර ලබාදීම
ආදී කටයුතු සමාජ සත්කාර අතර ප්‍රධාන වේ.
මෙම ආගමික හා සමාජීය කටයුතු පිළිබදව හා උන්වහන්සේගේ මනා ධර්මාවබෝධය පිළිබදව ඉමහත් ප්‍රසාදයට පත්වූ තායිලන්ත රජය විසින් එරට මහා චූලාලොන්කාර විශ්ව විද්‍යාලයයෙන් ආචාර්ය උපාධියක්ද 2025 වර්ෂයේ දී පිරිනමන ලදදේය.